Saturday, April 27, 2024

General line - 0115112241

තරග තහනම ගැන සැළෙන්නේ නැහැ - ලෝව අංක එකේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා කියන දේ මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර




තමාට පැනවූ තහනම හේතුවෙන් කිසි විටෙකත් අධෛර්යමත් නොවන බවත් උත්සහය අත්නොහරින බවත් ලෝකයේ අංක එකේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා වන පකිස්තානයේ මොහොමඩ් හෆීස් පවසනවා. 

ඒ, ජාත්‍යන්තර තරගවලදී ඔහුගේ පන්දු යැවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනම් කිරීමෙන් පසු අදහස් දක්වමින්. 

හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ දෝෂයක් මෙම තහනමට හේතුවුණා. 

මොහොමඩ් හෆීස්ගේ පන්දුයැවීමේ ඉරියව්ව පිළිබඳ සැකයක් මතුව ඇත්තේ ශ්‍රී ලංකාව සමග ඉකුත්දා පැවති තුන්වන එක්දින තරගයේදීයි. 

ඔහු කියා සිටියේ දැඩි කැපවීමෙන් පුහුණුවීම් කර පකිස්තානය වෙනුවෙන් උපරිම සේවය කිරීමට කටයුතු කරන බවයි.