Saturday, April 27, 2024

General line - 0115112241

2018 නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දිනය මෙන්න

කසුන් කැලුම්




ලබන වසරේ පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

තුන් කොන් තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි. 

ශ්‍රී ලංකාවේ 70වන නිදහස් සැමරුම  නිමිත්තෙන් මෙම තරගාවලිය සංවිධාන කෙරෙනවා. ලබන වසරේ මාර්තු මස 8වනදා සිට 20 වනදා දක්වා මෙම තරගාවලියේ සියලූ තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

මෙම තරගාවලිය පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.