Friday, April 26, 2024

General line - 0115112241

පද්මාවතීට එරෙහි විරෝධතා තවත් දැඩිවෙයි




"පද්මාවතී" චිත්‍රපටය නැරඹීමේ බොලිවුඩ් සිනමා ලෝලීන්ගේ අපේක්ෂා කිසිදිනෙක ඉටු නොවනු ඇත්දැයි ඉන්දීය චිත්‍රපට විචාරකයින් සැක පළ කරනවා. 

ඒ, එම චිත්‍රපටයට එරෙහි විරෝධතා තව තවත් උත්සන්න වෙමින් තිබීම හේතුවෙන්. 

පද්මාවතී චිත්‍රපටයේ පද්මාවතීගේ චරිතය නිරූපනය කරන දීපිකා පදුකෝන්ගේ හිස ගසා දැමිය යුතු බවද ඉන්දීය දේශපාලඥයෙකු ඉකුත්දා කියා සිටියා. 

එම චිත්‍රපටයට එරෙහිව තැන තැන උද්ඝෝෂණ ද සංවිධාන කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. 

දීපිකා පදුකෝන් සමග පද්මාවතී හි සෙසු ප්‍රධාන චරිතය නිරූපනය කරන රන්වීර් සිංටද විරෝධතාකරුවන් වාග් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. 

කෙසේ වෙතත් පද්මාවතී චිත්‍රපටය තිරගත කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා ප්‍රතික්ෂේප කළා.