Friday, April 26, 2024

General line - 0115112241

විදේශිකයින්ට නව වීසා ක්‍රමයක් හඳුන්වාදෙයි

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදියට පැමිණෙන විදේශිකයින්ට ප්‍රථම වරට ලබන වසරේ සිට සංචාරක වීසා බලපත් නිකුත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එරට ආර්ථිකය නව මනෙයකට යොමු කරවීමේ අරමුණෙන්⁣ සෞදියේ මීලග ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නව සංකල්පයක් අනුව මෙම නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක  වනවා.

⁣මීට අදාළ කටයුතු මෙහෙයවීම සංචාරක සහ ජාතික සංස්කෘතික පිළිබද සෞදි කොමිසම කටයුතු කරමින් සිටිනවා.

මීට පෙර සෞදියට පැමිණෙන විදේශිකයින්ට දැඩි වීසා රෙගුලාසි යටතේ වීසා බලපත් නිකුත් කෙරුණු අතර එම තත්ත්වය වෙනස් කරමින් ලිහිල් ක්‍රමයක් යටතේ මෙම සංචාරක වීසා බලපත් නිකුත් කිරීමට සෞදි රජය අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.