Friday, April 26, 2024

General line - 0115112241

ජිම්නාස්ටික් බලධාරීන්ගේ පිනුම් ගැහිල්ලෙන් ක්‍රීඩකයන්ට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අහිමි වෙයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා ජිම්නාස්ටික් කණ්ඩායමට ලබන වසරේ  ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කොස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, සංගම් බලධාරීන් නියමිත වේලාවට ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ හැදුනුම්පත් සකස් කිරීමට අසමත්වීම හේතුවෙන්.

ජාතික ඔලිම්පික් කමිටුව සියලු කී‍්‍රඩා සංගම් වෙත පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා හැදුනුම්පත් සැකසීමට අදාළ ක‍්‍රමවේද සහ වෙබ් අඩවියේ මුර පදයද ලබාදී තිබුණා.

ජිම්නාස්ටික් සංගමය පමණක් නියමිත වේලාවට ලියාපදිංචිය සිදු කිරීමට එහි තොරතුරු ඇතුළත් කර නැහැ.

අමායා කෝට්ටගේ, රිද්මා සමනලී ගුණතිලක, රුචිර සංජන සහ ඩිල්ෂාන් කවීන් ජිම්නාස්ටික් ඉසව්වෙන් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල නියෝජනය කිරීමට නියමිතව සිටියා.