Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් නවදිල්ලි නුවර - නවදිල්ලියට දැනුණු භූමිකම්පාව ගැන ගුරුසිංහ කියයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ දිනවල නවදිල්ලි හි රැදී සිටිනවා. ඊයේ (06) නිමාවූ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගය පැවැත්වුණේ ද නවදිල්ලි නුවරදීයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් ඊයේ රාත්‍රි 8.49 ට පමණ සිදු වුණා.

කෙසේ වෙතත් සිදු වූ භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට කිසිදු බලපෑමක් නොවූ බව නෙත් නිවුස් කළ විමසීමකදී එහි කළමනාකරු අසංක ගුරුසිංහ පැවසුවා.

මෙම භූ කම්පනය සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි ස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ ඈත ප‍්‍රදේශයක බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.