Saturday, April 27, 2024

General line - 0115112241

නේපාලයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වෙයි




නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් පසුව නේපාලයේ පැවති පළමු මහ මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙතෙක් නිකුත් වී ඇති ප‍්‍රතිඵල අනුව ආසන 80කින් 63ක ජය හිමිකර ගෙන ඇත්තේ මාවෝවාදීන් ද ඇතුළත් එරට වාමාංශික සන්ධානයයි.

නේපාල පාර්ලිමේන්තුවේ ආසන 165ක් සඳහා ඍජුව මැතිවරණයෙන් නියෝජිතයින් තෝරාපත් කර ගැනෙනවා. තවත් ආසන 110ක් සඳහා නියෝජිතයින් පත්කර ගැනෙන්නේ සමානුපාතික නියෝජනයෙන්.