Friday, April 26, 2024

General line - 0115112241

තරංග සහ මැතිව්ස් ඉදිරියට එයි

කසුන් කැලුම්




ඉන්දීය කණ්ඩායම සමග පැවති එක්දින කි‍්‍රකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ උපුල් තරංග සහ ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව දෙවන එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ මැතිව්ස් ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමින් එම සටහනේ පසුවන්නේ 24 වන ස්ථානයේයි.

ස්ථාන 15 කින් ඉදිරියට පැමිණි උපුල් තරංග මේ වනවිට එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ සටහනේ 36 වන ස්ථානයේ පසු වනවා. 

එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 14 කින් ඉදිරියට පැමිණීමට සුරංග ලක්මාල් සමත් වුණා.  ඔහු මේ වනවිට එම සටහනේ පසුවන්නේ 22 වන ස්ථානයේයි.

මේ අතර තරග 3 කින් සමන්විත ඉන්දු - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය කටක්හිදී හෙට (20) පැවැත්වෙනවා.