Friday, April 26, 2024

General line - 0115112241

පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමයි

කසුන් කැලුම්




යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්විමට නියමිතව තිබූ පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ක‍්‍රයිස්චර්ච් නුවරයි. වර්ෂාව හේතුවෙන් අද පැවැත්වීමට නියමිත තිබු පුහුණු තරග 8ක් අතහැර දැමීමට සිදුවුණා. 

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන 13 වැනිදා ආරම්භ වන අතර ඊට රටවල් 16ක් තරග වදිනවා. මෙවර යොවුන් ලෝක කුසාලනයේදී 

ශී‍්‍ර ලංකාව ඩී. කාණ්ඩයෙන් තරග වදින අතර අයර්ලන්තය, පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය ද ඊට ඇතුළත්. ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවන පළමු තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ අයර්ලන්තයට එරෙහිවයි. ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ කමිඳු මෙන්ඩිස් නායකත්ව ලබා දෙනවා.