Saturday, April 27, 2024

General line - 0115112241

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිමේ ශ්‍රී ලංකාවට ලැබුණු ස්ථානය මෙන්න

අයි.සී.සී ඇසුරෙන්




පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 08වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද දෙකකින් ඉහළ ගියා. මේ වනවිට ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 90ක්.

ශ්‍රී ලංකාවට මෙම තත්වය උදාවූයේ බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (15) පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ලැබූ ජයග්‍රහණයයි.

තරගයට පෙර ප්‍රසාද ලකුණු 88 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය සම තත්ත්වයේ පසුවුණා.