Friday, April 26, 2024

General line - 0115112241

වත්මන් තත්ත්වය හා රටේ ඉදිරි දැක්ම



වත්මන් තත්ත්වය හා රටේ ඉදිරි දැක්ම කෙසේ විය යුතු ද යන්න සම්බන්ධයෙන් ඊයේ (12) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින් සාකච්ඡා කෙරුණා.

වැඩසටහනට සහභාගී වූ මව්බිම ලංකා පදනමේ සභාපති අරියසීලි වික‍්‍රමනායක කියා සිටියේ රටේ සම්පත්වලින් ශ‍්‍රී ලංකාව නිසි ප‍්‍රයෝජනයක් නොගන්නා බවයි.

බිම් මටටමේ ජනතාව අතර කිසිදු අවස්ථාවක ජාතිවාදී අරගල හට නොගන්නා බවයි වැඩසටහනට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මොහොමඞ් මහීස් කියා සිටියේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදය සඳහා අද එක්වන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්.