Wednesday, April 24, 2024

General line - 0115112241

දුම්කොළ අස්වැන්න නෙලීම ඇරඹෙයි - මිලදී ගන්න කෙනෙක් නෑ (PHOTO)

දිනසේන රතුගමගේ




නැවත දුම්කොළ වගා නොකරණ බව යාපනයේ දුම්කොළ වගා කරන්නන් කියා සිටිනවා.

විවිධ ගැටළු හා බාධක රැසකට මුහුණ දීමට සිදුව ඇති බැවින් මෙම කන්නයෙන් පසුව මෙලෙස දුම්කොළ වගාවේ යළි නොයෙදෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

රජය දුම්කොළ සඳහා පනවා ඇති නීතිරීති දැඩිවීමත් සමගම ඒවා දුම්කොළ වගාව සඳහාද බලපා ඇති බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ බීජ සපයා ගැනීමේ සිටම එම නීතිරීතිවලට තමන්ට යටත් වීමට සිදුවූ බවයි කියා සිටින්නේ.

යාපනයේ වඩමාරච්චි ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ දිනවල දුම්කොළ වගාවලින් අස්වැන්න නෙලීම ආරම්භවීමත් සමගම දුම්කොළ මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන්ගෙන ඇතැයි යාපනයේ දුම්කොළ ගොවීන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මේ වන විට දුම්කොළ මිලට ගන්නා අයෙකු පවා සොයාගැනීමට අසීරු වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙවර තම දුම්කොළයක් තොග වශයෙන් රුපියල් 125 කටවත් අලෙවි කරගැනීමට නොහැකි වී ඇතැයි ගොවීන් කියා සිටිනවා.

දුම්කොළ වගාවට වඩා කපන ලද දුම්කොළ පදම් කොට පැණි යොදා පැණි දුම්කොළ වශයෙන් සකස් කිරීම ඉතා අසීරු ක්‍රියාවක් බවද ඔවුන් පෙන්වා දෙනවා.