හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති පුවත සාවද්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මෙම පුවත සම්බන්ධයෙන් පරික්‍ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා ඊයේ දිනයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව අනාවරණ වූ බවයි එම මණ්ඩලය පවසන්නේ.
එහෙත් එම ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂක අංශයේ නිලධාරියෙකුගෙන් ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමමාන්‍යාධීකාරීවරයෙකු කළ කරුණු විමසීමකදී තහවුරු වී ඇත්තේ එම ස්ථානයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් නේවාසිකව සිට ඇති බවයි.
එහෙත් පසුගිය වසරේ ඔක්තොබර් මාසයේදී ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
එමෙන්ම එම ස්ථානයේ ජල සැපයුමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් හෝ හිටපු ජනාධිපතිවරයා ජලය පරිහරණය නොකරන බවද එම ආරක්‍ෂක අංශ නිලධාරියා පැවසූ බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව අදාළ ස්ථානයේ ජල සැපයුම විසන්ධි කිරීම නිසා හිටපු ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන්ට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව සිය නිරීක්‍ෂණය වන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.