Thursday, February 13, 2025

General line - 0115112241

හිටපු ජනපති මහින්දගේ නිල නිවසේ කොටසක ජලය කැපේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා. 

ඒ, රුපියල් ලක්ෂ 03ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන්. 

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ආරක්‍ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම එලෙස විසන්ධි කර ඇති බවයි වාර්තා වුණේ. 

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.