Thursday, February 13, 2025

General line - 0115112241

ජර්මනියේ විරෝධතාවකට මෝටර්රථ ප්‍රහාරයක්




ජර්මනියේ මියුනික් නගරයේ විරෝධතාවක නිරත වෙමින් සිටි පිරිසක් අතරට සිතාමතා මෝටර් රථයක් ධාවනය කරවීමෙන් අනතුරක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

අදාළ අනතුරෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. 

තුවාලකරුවන් අතරින් පුද්ගලයන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. 

අනතුරට ලක්වූ පිරිස අතර කම්කරු වෘත්තිය සමිති විරෝධතාවකට එක්වූ පිරිසක් ද වනවා. 

අනතුර සිදුකළ පුද්ගලයා මේ වන අත්අඩංගුවට ගෙන  ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

ඔහු 24 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතික සරණාගතයෙක්. 

කෙසේ වෙතත් මෙම අනතුර ප්‍රහාරයක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න මෙතෙක් පැහැදිලිව තහවුරු කරගෙන නොමැති බවද විදෙස් වාර්තා අනාවරණ කළා.