Saturday, April 27, 2024

General line - 0115112241

ටෙස්ට් පිටියේ නව වාර්තාවන් 




නවසීලන්ත ක‍්‍රිකට් නායක කේන් විලියම්සන් නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු බවට පත්වෙමින්. විලියම්සන් මේ දක්වා රැස්කර ඇති ශතක සංඛ්‍යාව 18ක්. ඔහු මෙම වාර්තාව බිහි කළේ මේ දිනවල පැවැත්වෙන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදීයි. එහිදී නවසීලන්ත පළමු ඉණිම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 102ක් රැස් කළා. 

මේ අතර දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු ඞීන් එල්ගා අද නව ටෙස්ට් වාර්තාවක් සම කළා. ඒ, ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස කණ්ඩායමේ සියලූම දෙනා දැවී යන විටත් නොදැවී වැඩිම තරග සංඛ්‍යාවකදී ක‍්‍රීඩා කළ පිතිකරු බවට සම වෙමින්.  ඕස්ටේ‍්‍රලියාව සමග අද පැවති තරගයේදී ඔහු නොදැවී ලකුණු 141ක් රැස් කළා. ඔහු මෙවැනි දස්කමක් දැක්වූ 03වන තරගය මෙයයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බටහිර ඉන්දීය කොදෙව්හි ඩෙස්මන්ඞ් හේන්ස්.