Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රිකට් තරුවක් කොළඹ ගැන සටහනක් තබයි

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




දකුණූ අපි‍්‍රකානු කි‍්‍රකට් තරුවක් වන ඩේල් ස්ටේන් කොළඹ නගරය ගැන සටහනක් තබා තිබෙනවා.

එහිදී කොළඹ නගරයේ සිදුව තිබෙන සංවර්ධනය පිළිබඳ ඇගයිමට ලක්ව තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ තමන් 2006 වසරේදී කොළඹ නගරයට පැමිණි අවස්ථාවට සාපේක්ෂව අද වනවිට එම නගරය සීඝ්‍ර දියුණුවක් ලබා ඇති බවයි.

කොළඹ නගරයේ වීථි ඉතා පිරිසිදු බවත්, මාර්ග හොඳින් සකසා ඇති බවත්  ඔහු සිය ට්විටර් සටහනෙන් දක්වා තිබෙනවා. කොළඹ උද්‍යාන ඉතා දැකුම්කලූයි. මෙවැනි වෙනසක් දැකීමට ලැබීම සතුටක් බවයි ඩේල් ස්ටේන් සිය ට්විටර් සටහනින් වැඩිදුරටත් දක්වා ඇත්තේ. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 12 වැනිදා ගාල්ල කී‍්‍රඩාංගනයේදී ආරම්භ වනවා.