Wednesday, May 8, 2024

General line - 0115112241

"වැටුප් වැඩි වීමට විරුද්ධ වෙන්න ඒකාබද්ධ විපක්ෂයටත් අවස්ථාවක් තිබුණා" - එජාපය කියයි



පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ වැටුප වැඩි කිරිමේ යෝජනාවට එරෙහි වීමට පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයට අවස්ථාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර කාවින්ද ජයවර්ධන පවසනවා.

ඊයේ (06) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩී. වි. චානක ද එක්වුණා. ආණ්ඩුවට එල්ල වන ජනතා විරෝධය වෙනතකට යොමු කිරිමේ අරමුණින් මෙම යෝජනාව ගෙන ආ බවයි ඔහු එහිදී කියා සිටියේ.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)