Saturday, April 27, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියානු පන්දු බලඇණිය හමුවේ ශ‍්‍රී ලංකාවේ පෙර පෙළ ඇදවැටෙයි




වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේ පළමු භාගයේදී වැඩි ගෞරව හිමිකර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් වුණා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5ම ලකුණු 67ක් තුළ දවා ගනිමින්.

පල්ලෙකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා ගත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා. දිවා විවේකය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ශ‍්‍රී ලංකා කණ්ඩායම රැස්කරගෙන සිටියේ ලකුණු 84ක් පමණයි.

මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් ධනංජය ද සිල්වා ලකුණු 24ක් ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙනවා. ලක්ෂාන් සඳකැන් ද මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත්තා.