Friday, April 26, 2024

General line - 0115112241

කාසියක් නිසා ශ්‍රි ලංකාවට අවසන් පූර්ව වටය අහිමි වෙයි

කසුන් කැළුම්




මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියෙන් අවසන් මොහොතේ ඉවත්ව යාමට ශ‍්‍රී ලංකාවට සිදුවුණා.

ඒ, ඉන්දියාව සහ මාලදිවයින සමග ඊයේ (09) පැවති තරගයේදී ගෝල 2 ට බින්දුවක් ලෙස ජයගත් ඉන්දියාව බී කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමත් සමගයි.

ඒ අනුව එම කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සමව ලැබු ශ‍්‍රී ලංකාව හා මාලදිවයින දෙවන ස්ථානයේ පසුවුණා.

එම කණ්ඩායම් දෙකෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීමට කාසියේ වාසිය උරගා බැලීමටයි සිදුවුණේ. එහෙත් එහිදී අවසනාවන්ත ලෙස ශ‍්‍රී ලංකාව කාසියේ වාසිය පරාජය වීම හේතුවෙන් මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ඉවතට යාමට සිදුවුණා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැක්වු දක්ෂතා ප‍්‍රශස්ත මට්ටමක පැවතීම විශේෂත්වයක්.