Friday, April 26, 2024

General line - 0115112241

ජනපති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි




එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් හමුවී තිබෙනවා. ඒ, නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදීයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව කරා යන ගමනේදී ශී‍්‍ර ලංකාව උදා කර ගෙන තිබෙන සාධනිය ප‍්‍රගතිය එහිදී මහ ලේකම්වරයාගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ජනාධිපතිවරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැටී‍්‍රෂියා ස්කොට්ලන්ඞ් අතර හමුවක්ද නිව් යෝර්ක් නුවරදී සිදුවුණා.