Friday, April 26, 2024

General line - 0115112241

‘‘බ්ලැක් පැන්තර්’’ වෙනුවෙන් ඉතිහාසගත වූ කාන්තාව

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




91 වන වරට පැවැත්වෙන ලෝක ප‍්‍රකට ඔස්කාර් සිනමා සම්මන උළෙල මේවනවිට පැවැත්වෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ වසර 30කට පසුව මෙවර පළමු වරට ප‍්‍රධාන නිවේදකයෙකු නොමැතිව සම්මාන උළෙල පැවැත්වීමයි.

සම්මානලාභීන් ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ ඊට එක්ව සිටින සිනමා ක්ෂේත‍්‍රයේ පිරිස් විසින් වීම විශේෂත්වයක්. 

සිනමා උළෙල ආරම්භයේදීම අප‍්‍රිකානු අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක් වන රූට් කාටර් ඉතිහාසයට එක්වුණා. ඒ, ඔස්කාර් සම්මානයක් දිනා ගත් පළමු කළු ජාතික කාන්තාව බවට පත්වෙමින්. ඇය මෙම සම්මානයට පාත‍්‍ර වුණේ ‘‘බ්ලැක් පැන්තර්’’ චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම ඇඳුම් නිර්මාණයටයි.