Friday, April 26, 2024

General line - 0115112241

වස විෂ නැති ගොවිතැන යනු නූතන තාක්ෂණයයි



වස විෂ නැති ගොවිතැන රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගත යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා. ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද ඒ පිළිබඳ අදහස් දැක්වූවා.

ශ‍්‍රී ලංකා ජාතික මහ සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද මෙම සංවාදයට එක්වුණා. උන්වහන්සේ පෙන්වා දුන්නේ වස විෂ නැති ගොවිතැන යනු නූතන තාක්ෂණය සමග මුසූ වූවක් මිස කල් ඉකුත් වූ භාවිතයක් නොවන බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.

මේ අතර ශ‍්‍රී ලංකා ජාතික මහ සභාව විසින් සංවිධාන කෙරෙන වස විෂ නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය ලබන 30 වැනිදා සිට අපේ‍්‍රල් පළමු වැනිදා දක්වා පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදීයි. නෙත් එෆ්. එම්. රේඩියෝව එහි රේඩියෝ අනුග‍්‍රාහකයා වනවා.