Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානයේ ගම්මානයක ළමුන් සිය ගණනකට HIV ඒඩ්ස් ආසාදනය වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




මාසයක් වැනි කෙටි කාලයක් තුළ එච් අයි වී ඒඩ්ස් වෛරසය ආසාදනය වූ ළමුන් රැසක් පාකිස්තානයේ ගම්මානයකින් වාර්තා වී තිබෙනවා.

මෙලෙස දරුවන් හමුවී ඇත්තේ පාකිස්තානයේ දකුණුදිග ප‍්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක් වන රැටෝ ඩෙරෝ ගම්මානයෙන්.

මේ දක්වා ලැබී ඇති තොරතුරුවලට අනුව පුද්ගලයින් 607කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සියයට 75ක්ම ළමුන්.

එහෙත් ඔවුන්ගේ දෙමව්පියන් කිසිවෙකුටත් ඒඩ්ස්  වෛරසය ආසාදනය වී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.