Friday, April 26, 2024

General line - 0115112241

රුසියාවේ ඔලිම්පික් ඉරණම තිදෙනෙක් අතේ




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවීමට රුසියාවට අවසර ලබාදෙන්නේ දැයි විමර්ශනය කිරීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඔවුන් මීට පෙර ප‍්‍රකාශ කළේ රුසියානු රජයේද අනුදැනුම ඇතිව රුසියානු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තහනම් උත්තේජක ලබාගෙන ඇතැයි වාර්තා වන බවයි.

කෙසේවෙතත් රුසියානු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සඳහා දැනටමත් බ‍්‍රසීලය වෙත පැමිණ සිටිනවා.

රුසියාවට රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවීමට අවසර ලබාදෙන්නේ දැයි විමර්ශනය කිරීමට ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර තිබෙන්නේ ඒ අනුවයි.