Friday, April 26, 2024

General line - 0115112241

ආධාර කපා හැර ඇති පසුබිමක් තුළ පාකිස්ථාන අගමැති අමෙරිකානු ජනපති හමුවෙයි

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ සංචාරයක නිරත පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවීමට සූදානම් වනවා. ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්, පාකිස්තානයට ලබා දෙන හමුදාමය ආධාර කපා හැර ඇති පසුබිමක් තුළයි.

අමෙරිකාව වාර්ෂිකව පාකිස්තානය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් හමුදාමය ආධාර වශයෙන් ලබා දුන්නා. එහෙත්, අන්තවාදයට එරෙහිව ප‍්‍රමාණවත් පියවරක් ගැනීමට අපොහොසත් වී ඇති බව පවසමින් එම ආධාර කපා හරින ලෙසටයි අමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කළේ. 

කෙසේවෙතත්, ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා වටයේදී මෙම ආධාර මුදල් සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට පාකිස්තානු  අග‍්‍රාමාත්‍යවරයා සූදානමින් පසුවනවා. එසේම තලෙයිබාන් සංවිධානය සමග අමෙරිකාව පවත්වන සාකච්ඡා සඳහා ද සහය පළ කිරීමට පාකිස්තානු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සූදානම් බවයි විදෙස් වාර්තා පැවසුවේ.