Saturday, April 27, 2024

General line - 0115112241

කාලගුණ විපර්යාස ගැන දැඩි අනතුරු ඇගවීමක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොවපුරා සිදුවන කාලගුණ විපර්යාසයන්, අපේක්ෂිත තත්ත්වයට වඩා භයානක අන්දමින් ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ 2014 සිට 2019 දක්වා ගතවූ වසර 05ක කාලය, වැඩිම ගෝලීය උණුසුමක් වාර්තා වූ කාලය බවයි. එසේම එම කාලය තුළ සාගර ජල මට්ටම ද සැලකිය යුතු මට්මකින් ඉහළ ගොස් තිබෙනවා.

කාබන් විමෝචනය ද ඉහළම අගය දක්වා පැමිණ ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංගමය පෙන්වා දුන්නේ. 

2007 වසරේ සිට ගතවූ වසර 10 ක කාලය තුළ මුහුදු ජල මට්ටම සෑම වසරකම  මිලි මීටර් 04 බැගින් ඉහළ ගොස් ඇති බව ද අනාවරණය කර ගෙන තිබෙනවා.

එසේම ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපය තුළ පවතින අයිස් තට්ටු දියවීමේ අවධානම ද දැඩිව ඉහළ ගොස් ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංගමය නිකුත් කළ වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වන්නේ.