Saturday, April 27, 2024

General line - 0115112241

බර ඔසවා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු රන් පදක්කමක් දිනයි (PHOTOS)




ඕස්ට්‍රේලියාවේ පැවති 2019 "ඕස්ට්‍රේලියන් මාස්ටර්ස්" බර එසවීමේ ශුරතාවලියට සහභාගී වී රන් පදක්කමක් දිනාගැනීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා. 

120kg බර පංතිය යටතේ තරගවැද ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔහු නමින් "රුවන් පෝල්".

ඔහු squat ක්‍රමයට 220kg බරක් ඔසවා ඕස්ට්‍රේලියානු වාර්තාවක් බිද දමා තිබෙනවා. 

"ඕස්ට්‍රේලියන් මාස්ටර්ස්" සෑම වසරක් පාසා පැවැත් වෙන  ඕස්ට්‍රේලියාවේ දැවන්ත ක්‍රීඩා උළෙලක් ලෙස හදුන්වනු ලබනවා. 

17 වන වරට පැවති මෙම තරඟාවලිය සඳහා, විවිධ රටවල තරඟකරුවන් 8000 ක් පමණ සහභාගීව තිබෙනවා. 

රුවන් පොල් නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය ලුතිනන් කමාන්ඩර්වරයෙක්.  ලෝක මාස්ටර්ස් බර එසවීමේ ක්‍රීඩා උළෙලට සහභාගී වී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීම එකම බලාපොරොත්තුව බවයි ඔහු සඳහන් කරන්නේ.