Saturday, April 27, 2024

General line - 0115112241

අවසන් පූර්ව වටය සඳහා ලොව හොඳම රග්බි කණ්ඩායම් 04 තේරී පත් වේ




මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ලොව හොඳම රග්බි කණ්ඩායම් 04 තේරී පත්ව තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙන්නේ නවසීලන්තය සහ එංගලන්තය අතරයි. ඔවුන් ලොව රග්බි ශ්‍රේණිගත කිරීම්වල පළමු සහ දෙවන ස්ථානවල පසුවනවා.

දෙවන අවසන් පූර්ව තරගය ලබන ඉරිදා පැවැත්වෙන්නේ වේල්සය සහ දකුණු අපි‍්‍රකාව අතරයි. ඔවුන් ලොව රග්බි ශ්‍රේණිගත කිරීම්වල 03 වන සහ සිව්වන ස්ථානවල පසුවනවා.

මෙම තරග දෙකෙන් පරාජය වන කණ්ඩායම් නොවැම්බර් පළමු වැනිදා 03 වන ස්ථානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි. 

මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 02 වැනිදා පැවැත්වෙනවා.