Friday, April 26, 2024

General line - 0115112241

දකුණු ආසියානු 13 වන කී‍්‍රඩා උළලේදී මව්බිමට අභිමානය ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ ඇගයීමක්




13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේදී ශ‍්‍රී ලංකාවට අභිමානයක් ගෙනදුන් කී‍්‍රඩක, කී‍්‍රඩිකාවන් සඳහා විශේෂ ඇගයීමක් සිදු කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ද, ඔවුන් පිළිගැනීමට සූදානමින් සිටින බවයි. 

මේ අතර නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ සමාප්ති උත්සවය අද (10) පැවැත්වෙනවා.

ඊයේ දිනය නිමා වනවිට ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 39 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පසුවුණේ 03 වන ස්ථානයේයි. රිදී පදක්කම් 79 ක් සහ ලෝකඩ පදක්කම් 118 ක් දිනා ගැනීමට ද ශ‍්‍රී ලංකාව සමත්ව සිටිනවා.