Saturday, April 27, 2024

General line - 0115112241

"Dialog රිදී රැයක් 2019" දෙසැම්බර් 21 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී 




රිදී තිරය බබලන තරු සජීවීව රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ඨතම රැඟුම් ගැයුම් මුසුවූ කීර්තිමත් ප්‍රසාංගික වැඩසටහනක් වන "ඩයලොග් රිදී රැයක් 2019" දෙසැම්බර් මස 21 වෙනිදා සවස 6.30 සිට සජීවීව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

ඩයලොග් රිදී රයක් 2019 ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර රුපියල් 1000, 2000, 3000, 5000, 6000 සහ 7500 වන අතර බොරැල්ල සදීපා, නුගේගොඩ, මහරගම, කිරිබත්ගොඩ සරසවි පොත්හල් වෙතින් සහ නවලෝක රෝහලේ පිහිටි සිනේස්ටාර් ප්‍රධාන කාර්යාලයෙන්ද ලබාගත හැකියි.

තවද ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයකින් අංක 444 අමතා හෝ ඩයලොග් නොවන වෙනත් ජාල සඳහා 444 වෙබ් අඩවිය හෝ App එක ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතියි. ප්‍රවේශපත්‍ර පිළිබද විමසීම් 0777 372700 අංකයට ඇමතීමෙන් ද ලබා ගත හැකියි.