Saturday, April 27, 2024

General line - 0115112241

බුම්රාගෙන් නව වාර්තාවක්




පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගවලදී වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් ඉන්දිය පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට වේගපන්දු යවන කී‍්‍රඩක ජස්පි‍්‍රට් බුම්රා ඊයේ සමත් වුණා.

ඒ, ශ‍්‍රී ලංකාව සමග ඊයේ පැවැති 03 වන හා අවසන් 20 යි 20 කි‍්‍රකට් තරගයේදී ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි. ඒ අනුව ඉනිම 44 කදී බුම්රා විසින් දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 53 ක්.

කඩුළු 52 බැගින් දවාගෙන සිටින යස්වේන්ද්‍රා චහාල් සහ රවිචන්ද්‍රන් අශ්වින් වැඩිම 20 යි 20 කඩුළු ලාභී ඉන්දීය පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ පසුවනවා.

චහාල් ඉනිම 37 කදී සහ අශ්වින් ඉනිම 46කදී එම කඩුළු සංඛ්‍යාව දවාගෙන තිබෙනවා.