Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් මහා තරගයට




වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ඊයේ සමත් වුණා. 

ඒ, පළඟ අවසන් පූර්ව තරගයේදී ස්කොට්ලන්ත යොවුන් පිල ලකුණු 97 කින් පරාජය කරමින්. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගයේ ජය තීරණය වූයේ ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුවයි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 හේදී කඩුළු 6 ක් දැවී ලකුණු 276 ක් රැස් කළා. 

ස්කොට්ලන්ත යොවුන් පිලට තරගය ජය ගැනීම සදහා ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුව පන්දුවාර 40 කදී ලකුණු 247 ක ඉලක්කයක් හිමි වූ අතර එහිදී ඔවුන් කඩුළු 8 ක් දැවී ලබාගත්තේ ලකුණු 149 ක් පමණයි.