Friday, April 26, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ පාළමක් ගංගාවට කඩා වැටෙයි (VIDEO)




ඉන්දියාවේ මුම්බායි නගරය සහ වෙරළාසන්න සංචාරක පාරාදීසයක් වන ගෝව යා කෙරෙන අධිවේගී මාර්ගයේ ගංගාවක් හරහා වැටී ඇති පාළමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.

අද (03) උදෑසන සිදුවූ මෙම අනතුරේ දී මගීන් රැගත් බස්රථ දෙකක් ගලායන ගංගාවට ඇද වැටුණු බව සඳහන්.

ප්‍රදේශය පුරා පවතින් අධික වර්ෂාව දිවි බේරාගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇති අතර වාහන ගමනාගමනය ප්‍රදේශයේ වෙනත් පාලමක් ඔස්සේ සිදුවෙමින් පවතිනවා.
අධික වර්ෂාව හේතුවෙන් සාවිත්‍රි නදියේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මෙම පැරණි පාලම කඩාවැටුණු බවයි එරට බලධාරීන් පවසා ඇත්තේ.

මීට පෙරත් ඉන්දියාවේ විවිධ අවස්ථාවන්වලදී පාලම් සහ ගොඩනැගිලි කඩා වැටී තිබුණා. පසුගිය මාර්තු මාසයේ දී කල්කටා නගරයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා.

2011 දී බටහිර බෙංගාලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වෙද්දී පාළමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 132 දෙදෙනෙකුට තුවාළ සිදුවූ බවත් වාර්තාවල සඳහන් වනවා.

 

c1_1051857_620x413

mumbai-goa-highway-bridge_647_080316125941