Friday, April 26, 2024

General line - 0115112241

යුද හමුදාපති ජනතාවගෙන් කළ ඉල්ලීම



සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ චාරිත‍්‍ර නිවෙස් තුලට වී සිදුකළා සේම, මෙවර වෙසක් සැමරුම් ද නිවෙස්වලට පමණක් සීමා කරන්නැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලක්වැසි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කොරෝනා වසංගතය හමුවේ වෙසක් සැමරුම් සිදුකිරීමට නොහැකි වුවත්, නිවෙස තුළ පහනක් හෝ දල්වන ලෙසයි ඊයේ (06) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේ. 

මේ අතර කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට සමත්වීමත් සමග අපේකම රැකගත් ශක්තිමක් රටක් ලෙස ඉදිරියේදී ශී‍්‍ර ලංකාව නැගී සිටිනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොරෝනා වසංගතයත් සමග බොහෝ පිරිස් නව නිපැයුම් හඳුන්වාදීමට පෙළඹීම ඊට කදිම උදාහරණයක් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

යුද හමුදාව ද මේවනවිට අඩු පිරිවැයකින් බොහෝ නව නිපැයුම් හඳුන්වාදීමට කටයුතු කර ඇතැයි ද යුද හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළා. 
 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින්)