Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොරෝනා වසංගතය පාලනයෙන් තොරව දුරදිග යයි




ලොව රටවල් රැසක් කොරෝනා වෛරසය ක‍්‍රමානුකූලව පාලනය කරමින් සිටින අවස්ථාවක අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වෛරස පාලනය තවදුරටත් ඈතට යමින් තිබෙනවා. 

ඒ, තවදුරටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් විශාල වශයෙන් දෛනිකව වාර්තාවීමත් සමගයි. ගත වූ පැය 24 තුළද ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 65,609 ක්. 

අමෙරිකාව, බ‍්‍රසීලය, රුසියාව, දකුණු අප‍්‍රිකාව සහ කොළොම්බියාවෙන්ද තවදුරටත් රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා. මේ අතරතුර බි‍්‍රතාන්‍යයෙන්, ඉරාකයෙන් සහ ස්පාඤ්ඤයෙන් අලූතින් රෝගීන් දහස් ගණනින් වාර්තාවීමේ ප‍්‍රවණතාවක් ද මතුව ඇති බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.

මේ අතර හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා ඉකුත් ජූලි මාසයේ සිදුවූ මගීන්ගේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඉකුත් වසරට සාපේක්‍ෂව 98.6% කින් පහත වැටී තිබෙනවා.