Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට




සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවති තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලකුණු 141කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 297ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 400ක්.

එංගලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 445ක් රැස්කළා. ඒ අනුව පාකිස්තානයට හිමිවූ ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 343ක්.

එහෙත් ඔවුන්ට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණයි.

තරග 4කින් සමන්විත මෙම ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.