Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට කොරෝනාවෙන් බලපෑම්




පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. 

ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ෆාවඩ් අහ්මඩ් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමගයි. 

ඒ අනුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඊයේ පැවැත්වීමට නියමිත වූ තරගය අද පැවැත්වීමට තරග සංවිධායකයින් තිරණය කර ඇත්තේ. 

ඒ අනුව අද තරගය ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්විමට නියමිතයි. 

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සෙසු සියලු ක්‍රීඩකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.