Friday, April 26, 2024

General line - 0115112241

සුදේශ් පීරිස් ගැන තැබූ බලාපොරොත්තුවත් බිඳවැටේ




කිලෝ ග‍්‍රෑම් 62 බර පංතියෙන් බර ඉසිලීම ඉසව්වට තරග වැදුනු සුදේශ් පීරිස් එසවීම සඳහා තෝරාගත් පළමු බර වූයේ ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 120 ක්.

එහෙත් නියමිත උත්සාහයන් තුනේදීම ඔහු එම බර ප‍්‍රමාණය සාර්ථකව එසවීමට අපොහොසත් වුණා. සුදේශ් පීරිස් තරග වැදුනු කාණ්ඩයෙන් තරග වැදුනු මුළු ක‍්‍රීඩකයින් ගණන 08 දෙනෙක්.

පළමු ස්ථානය ලබාගත් ක‍්‍රීඩකයා ස්නැච් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් යන ක‍්‍රම දෙකටම එසවූ මුළු බර ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 281 ක්.

දෙවන ස්ථානය දිනාගත් ක‍්‍රීඩකයා කිලෝග‍්‍රෑම් 275 ක් ද තුන්වන ස්ථානය දිනාගත් ක‍්‍රීඩකයා කිලෝග‍්‍රෑම් 266 ක් ද ඔසවනු ලැබුවා.

කෙසේවෙතත් 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී සුදේශ් පීරිස් ඔසවනු ලැබූ මුළු බර ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 273 ක්.

02-8-696x522