Saturday, April 27, 2024

General line - 0115112241

සුහද රග්බි ප‍්‍රදර්ශන තරගාවලියක්




සුහද රග්බි ප‍්‍රදර්ශන තරගාවලියක් කුරුණෑගල මාළිගාපිටිය ක‍්‍රිඩාංගනයේදි සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන රග්බි ක‍්‍රිඩාංගණයේදී,  ගුවන් හමුදා රග්බි ක‍්‍රිඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී (CH&FC) ක‍්‍රීඩා සමාජ අතර පැවැත්විමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ 2021 අගෝස්තු මස 13 වන දින සහ 2021 අගෝස්තු 20 වන දිනයේදීයි.
 
ප‍්‍රතිසංස්කරණය කරන ලද කුරුණෑගල මාළිගාපිටිය ක‍්‍රිඩාංගනය විවෘත කිරිමේ උත්සවයෙන් පසුව මෙම සුහද රග්බි ප‍්‍රදර්ශන තරගාවලියේ පළමු තරගය 2021 අගෝස්තු මස 13 වන දින පැවැත්විමට නියමිතව ඇති අතර මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි විමට නියමිතව ඇත.

තවද මෙහි දෙවන අදියර යටතේ  2021 අගෝස්තු මස 20 වන දින ගුවන් හමුදා රත්මලාන රග්බි ක‍්‍රිඩාංගනයේදී පැවැත්වෙන දෙවන තරගය සදහාද ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි විමට නියමිතයි.

මෙම තරගාවලිය රටේ පවතින කොවිඩ් 19 වසංගතය වැළැක්විමේ මර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත පැවැත්විමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.