Saturday, April 27, 2024

General line - 0115112241

IPL තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අදයි




ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ පළමු තරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. 

මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට ලබන 29 වනදා පැවැත්වෙන මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වනවා. 

මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායමට ලබන 27 වනදා පැවැත්වෙන දෙවන අවසන් වටයේ තරගයට ක්‍රීඩා කර නැවත වරක් අයි පී එල් තරගයේ අවසන් මහා තරගයට පිවිසීම සඳහා තරඟ කිරීමට සිදුවනවා. 

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර අයිපීඑල් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.