Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව රියදුරන් රහිත දුම්රිය ධාවනයට සැරසෙයි




ඉන්දියාව ඉතා ඉක්මනින් සාම්ප්‍රදායික දුම්රිය සංඥා පද්ධතියෙන් මිදී රියදුරන් රහිත දුම්රිය සදහා ප්‍රවිශ්ඨ වීමට සූදානම් වනවා.

ඒ සදහා ස්වදේශීය සන්නිවේදනය පාදක කරගත් දුම්රිය පාලන පද්ධතියක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට භාරත් ඉලෙක්ට්‍රොනික සමාගම සහ දිල්ලි මෙට්‍රෝ රේල් කෝපරේෂන් සමාගම සමග ගිවිසුමක් ද අත්සන් කර ඇතැයි සදහන්.

එය ඉන්දියාවේ ස්වදේශික වශයෙන් නිපදවූ සංඥා පද්ධතියේ සංවර්ධන සදහා වූ ප්‍රධාන පියවරක් බව දිල්ලි මෙට්‍රෝ රේල් කෝපරේෂන් සමාගම පවසනවා.

මෙට්‍රෝ සහ ස්වයංක්‍රීය දුම්රිය ක්ෂේත්‍රයේ ඉදිරි පියවරක් වන රියදුරන් රහිත දුම්රිය ගමන් ආරම්භය ඉන්දියාවේ "ආත්මනිර්භාර් භාරත්" මෙහෙයුමට ශක්තියක් ලබා දෙනු ඇති.

මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ නිවාස සහ නාගරික කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලැබීම විශේෂත්වයක්.

ඉන්දියාව මේවනවිටත් ලොව සිව්වන විශාලතම ජාතික දුම්රිය මාර්ග පද්ධතිය මෙහෙයවනු ලබන අතර එහි දිග කිලෝමීටර් 68,103 ක්.

ඉන්දියාවේ ප්‍රධානතම ප්‍රවාහන සංවිධානය ලෙස ද ඉන්දීය දුම්රිය සේවය සලකනු ලබනවා. 

ඉන්දීය දුම්රිය සේවය ආසියාවේ විශාලතම දුම්රිය ජාලය වන අතර එකම කළමනාකරණයක් යටතේ පවතින ලොව දෙවන විශාලතම දුම්රිය ජාලය වන්නේ ද ඉන්දීය දුම්රිය සේවයයි.