Tuesday, April 30, 2024

General line - 0115112241

මන්ත්‍රී උදය ගම්මන්පිලට විදෙස් ගතවීම අධිකරණයෙන් අවසර




හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ, මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.  

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට වන්දනා ගමනක් සදහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම මේ මස 23 වනදා සිට 29 වනදා තෙක් අත්හිටුවන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාල සීමාව තුළ මන්ත්‍රීවරයා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා ඕස්ටේ්‍රලියානු ජාතික ව්‍යපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ ගොණුකළ නඩුවකට අදාළවයි.