Saturday, April 20, 2024

General line - 0115112241

සත්කාරක කටාරය ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට




සත්කාරක කටාර් රාජ්‍යයට පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් තිබූ බලාපොරොත්තුව බොදව ගොස් තිබෙනවා. ් කාණ්ඩය යටතේ සෙනගාල් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ගෝල තුනට එකක් ලෙස කටාර් රාජ්‍යය පරාජයට පත්වීම ඊට හේතුවයි.

මෙක්සිකෝව සමග හෙට අලුයම පැවැත්වීමට නියමිත තරගය ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක්. තවදුරටත් ලෝක කුසලානය පිළිබද බලාපොරොත්තු තබාගැනීමට නම් ආර්ජන්ටිනා කණ්ඩායම හෙට පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

පාපන්දු ලෝක කුසලානයේ නවතම තොරතුරු පිළිබද මෙම වාර්තාව කටාර්හී රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු ඇතුළත් වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැකියි.