Friday, March 29, 2024

General line - 0115112241

එංගලන්තය සහ අමෙරිකානු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි




පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ අමෙරිකානු කණ්ඩායම් අතර අද දිනයේ පළමු තරගය පැවැත්වුණා. බී කාණ්ඩයෙන් තරග වැදි එම කාණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ.

ඩී කාණ්ඩය යටතේ ටියුනීසියාව සමග පැවති තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස ජය ගනු ලැබුවේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමයි. අද දිනයේ තුන්වන තරගය මේ වන විට පෝලන්තය සහ සෞදි අරාබිය කණ්ඩායම් අතර පැවැත්වෙනවා. පළමු විනාඩි 22ක තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම සමත් වී නැහැ. 

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඩී කාණ්ඩයේ තවත් තරගයක් අද රාත්‍රී 9යි 30ට ආරම්භ වීමට නියමිතයි. ප්‍රංශය සහ ඩෙන්මාර්කය එහිදී තරග වදිනු ඇති.