Friday, April 26, 2024

General line - 0115112241

විදේශ සංචිත නොමැතිව පකිස්තානය අර්බුදයක




පකිස්තාන ආර්ථිකය තවදුරටත් දරුණු ලෙස පිරිහෙමින් ඇතැයි ආර්ථික විශේඥයින් පවසනවා.

ව්‍යුවහාත්මක අසමතුලිතතා හේතුවෙන් පකිස්තාන ආර්ථිකය මෙම තත්ත්වයට ඇද වැටී ඇති බවයි Asian Lite වෙත අදහස් දක්වමින් ආචාර්ය Sakariya Kareem පවසන්නේ.

පකිස්ථාන ආර්ථිකයේ දරුණු කඩා වැටීමට ඍජුව බලපෑම් එල්ල කර ඇත්තේ එරට රජයේ බදු සහ සහනාධාර වැනි අදූරදර්ශී  ආර්ථික ප්‍රතිපත්ති බව ද ඔහු සදහන් කර තිබෙනවා. 

මේ අතර ආර්ථිකය කඩා වැටීම හමුවේ පකිස්ථානයේ විදේශ විනිමය අර්බුදය ද උග්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්ථානයේ විදෙස් සංචිත මේවනවිට තීරණාත්මක අවම මට්ටම දක්වා පහළ වැටී ඇති අතර එම අගය අමෙරිකානු ඩොලර් බිලියන 8 ක් පමණ වන බව ද වාර්තා වනවා.

පසුගිය වසර සමග සසදන විට 2021 වසරේ අගෝස්තු මාසයේදී පකිස්තානය සතුව තිබූ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මේවනවිට පකිස්තානය සතුව පවතින විදේශ සංචිත ප්‍රමාණය ඔවුන්ට සිය ජාත්‍යන්තර වියදම් හා ගෙවීම් පියවා ගැනීමට හෝ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.