Friday, April 26, 2024

General line - 0115112241

තරගාවලි පරාජයක අවමානයෙන් බේරීමට ශ්‍රී ලංකාව අද තරග බිමේ




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගයද පස්වරු 2 යි 30 ට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 60 කින් ජයගනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.

වර්ෂාව හේතුවෙන් දෙරට අතර පැවති දෙවන එක්දින තරගය අත්හැර දැමුණා.

ඒ අනුව තරගාවලි පරාජයක අවමානයෙන් බේරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන එක්දින තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.