Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 314ක ඉලක්කයක්




ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ඇෆ්ගනිස්ථානයෙන් ලකුණු 314ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 9ක් අවසානයේ කිසිවෙකු නොදැවී දැවී ලකුණු 40ක් රැස් කර සිටියා. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස් කළා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඊබ්‍රහීම් සඩ්‍රාන් පන්දු 138කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් ඇතුළත්. නජබුල්ලා සඩ්‍රාන් ලකුණු 77යි. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 60කට කඩුළු 3ක් දවා ගත්තා. 

දෙරට අතර පැවති පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානය ජයගත් අතර වර්ෂාව හේතුවෙන් දෙවන තරගය අතහැර දැමුණා. ඒ අනුව තරගාවලියේ පරාජයක අවමානයෙන් ගැලවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.