Thursday, April 25, 2024

General line - 0115112241

වනිඳු හසරංගට දඩයක්




ලොව අංක එකේ පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නා හා එක්දින සහ පන්දුවාර විස්සයි 20 පිටියේ ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් දස දෙනා අතර සිටින වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩයක් පනවා තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින්.

ඇෆ්ගනිස්තානය සමඟ පැවති අවසන් එක්දින තරඟයේදී වනිදු හසරංග විනිසුරුවරයෙකුගේ තීණයකට විරුද්ධත්වය දැක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස ඔහු වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩයක් පනවනු ඇති.

එමෙන්ම එක් අසාදු ලකුණක් වනිඳු හසරංගට ලබාදීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත්තේ. ගතවූ වසර දෙකක කාලය තුළ වනිඳුට හිමිවූ පළමු අසාදු ලකුණ මෙයයි.


තුන්වන එක්දින තරඟයේදී ලකුණු 162 ක් ලබාගත් ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහීම් සද්‍රාන් කඩුලු මුවාකිරීමේ වරද සම්බන්ධයෙන් වනිඳු හසරංග ඉල්ලීමක් කළ අතර පිටියේ විනිසුරු ඔහු දැවී ගිය බවට සංඥා කළද තුන්වන විනිසුරු එම තීරණය අවංගු කළා ඒ අවස්ථාවේ වනිදු හසරංගගේ හැසිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කඩකිරීමක් ලෙසටයි ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ඔහුට එරෙහි මෙම තීරණයට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද සම්බන්ධ වීම විශේෂත්වයක්.

ඒ, චෝදනා එල්ලකළ පිටියේ විනිසුරු රුචිර පල්ලියගුරු, තෙවන විනිසුරු රවීනද්‍ර විමලසිරි හා තරඟ තීරක රංජන් මඬුගල්ලයි.