Thursday, November 30, 2023

General line - 0115112241

තීරණාත්මක තරගයේදී බ්‍රසීල පාපන්දු තරුව යළි පිටියට




බ්‍රසීල කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක නේමාර් ද සිල්වා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ අද පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විසින් එය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සර්බියාවට එරෙහි තරගයේදී නේමාර් ආබාධයකට ලක් වූ අතර ඒ හේතුවෙන් එම වටයේ ඉතිරි තරග දෙකට ඔහු සහභාගි වූයේ නැහැ. අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ වටයේදි ප්‍රබල බ්‍රසීල කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ දකුණු කොරියාව සමගයි. 

මේ අතර සුපිරි 16 දෙනාගේ වටයේ  ජපානය සහ ක්‍රොඒෂියාව අතර තවත් තරගයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.